Pitarata wisthara mewwa

Pitarata wisthara mewwa

jaya sri
Pitarata wisthara mewwa Lyrics

පිටරට විස්තර මෙව්වා...
අහගෙන ඉන්න ඔයාලා..
දෙවරක්‌ හිතලා බලලා..
යන්නලා හිතලා ඔහෙලා..

ගමේ තියෙන ඉඩන්‌ ගෙවල්‌ උගස්‌ තියාලා
යන්න හදනවා පිටරට මිල්ල සොයාලා
සිලිං පවුම්‌ ඩොලර්‌ යුරෝ වලට  රැවටිලා
දිවි දෙනවනේ කන්ටේනර්‌ ඇතුලට වීලා

බෝට්ටු වල මුහුද මැද්දෙ මරුවා සමග පොර
කඳු පල්ලම්‌ කැලෑ මැදින්‌ ගමන බයන්‌ කර
වටීද ජීවිතේ එක්ක කරනා සෙල්ලම
මග මැරුණම වග කියන්නේ කවුද කියන්‌ සඳ

පිටරට විස්තර මෙව්වා..
අහගෙන ඉන්න ඔයාලා..
දෙවරක්‌ හිතලා බලලා..
යන්නලා හිතලා ඔහෙලා..

ගෙදර ටවුමේ හන්දි ගානේ රවුම්‌ ගහන සැප
ගන්නට බැහැ මෙහෙ ආවොත්‌ ආතල්‌ හැමවිට
ජීවිතෙ ලස්සන කාලේ ගෙවන්න එපා දුක
හිතල බලලා එන්න ඇත්ත කිවුවා හනිකට

උලුප්පලා බොරු සෝබන කියනවා මේ අය
ආවම දැනගන්න ලැබෙයි විඳිනා මර දුක
දිනුමට හැර විපාකයට යන්න එපා රට
රැවටෙන්න එපා රට ඈයෝ කියන බයිලාවට

පිටරට විස්තර මෙව්වා..
අහගෙන ඉන්න ඔයාලා..
දෙවරක්‌ හිතලා බලලා..
යන්නලා හිතලා ඔහෙලා..

පිටරට විස්තර මෙව්වා..
අහගෙන ඉන්න ඔයාලා..
දෙවරක්‌ හිතලා බලලා..
යන්නලා හිතලා ඔහෙලා..

එන්නලා හිතලා ඔහෙලා...
යන්නලා හිතලා ඔහෙලා..
එන්නලා හිතලා ඔහෙලා...
යන්නලා හිතලා ඔහෙලා..
එන්නලා හිතලා ඔහෙලා...

Video thumbnail