Andara yaye waw thawalle

Andara yaye waw thawalle

karunarathna divulgane
Andara yaye waw thawalle Lyrics

අන්දර යායේ වැව් තාවල්ලේ
සක්මන්‌ කරනා.. අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට.. අප්පච්චි...

අන්දර යායේ වැවි තාවල්ලේ
සක්මන්‌ කරනා.. අප්පච්චී...
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට.. අප්පච්චි..

වලාකුළේ ඩා බිඳු තවරා..
මහ පොළොවට මහ වැසි ගෙනෙනා..

වලාකුළේ ඩා බිඳු තවරා..
මහ පොළොවට මහ වැසි ගෙනෙනා..
දිවි ගමනේ ඉම කඳු මුදුනේ ඉඳ..
පිතු සෙනෙහේ කඳුළැලි සලනා...

අන්දර යායේ වැවි තාවල්ලේ..
සක්මන්‌ කරනා.. අප්පච්චී...
දොළේ දියයි මට කෙතේ නිලයි..
ගහ වැලේ මලයි මට.. අප්පච්චි..

තුරුහිස මුදුනේ මල්‌ පළඳා..
කැකුළු මුවට පලවැල නෙලුවා..

තුරුහිස මුදුනේ මල්‌ පළඳා..
කැකුළු මුවට පලවැල නෙලුවා..
ඒ දඬු මං බැඳ සත්කුළු පව් බිඳ..
සිදාදියට එන මං තැනුවා..

අන්දර යායේ වැවි තාවල්ලේ
සක්මන්‌ කරනා.. අප්පච්චී
දොළේ දියයි මට කෙතේ නිලයි
ගහ වැලේ මලයි මට.. අප්පච්චි...

Video thumbnail