Minindoru kanthoruwe muladani tika

Minindoru kanthoruwe muladani tika

karunarathna divulgane
Minindoru kanthoruwe muladani tika Lyrics

මිනින්දෝරු  කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනවද..
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල්‌ අරගෙන
තරහ අවසරයි යනවද
දම්වැල්‌ අරගෙන

පින්‌ කුඹුරු නෙලන කාලෙට
මට හීල අරන්‌ එන
ඉස විසාදියට තෙල්‌ උලලා
තොන්තුවා වෙන
රත්තරන්‌ දෑත සුදු බණ්ඩිගේ
දෙනියේ පස්‌ යට..
රත්තරන්‌ දෑත සුදු බණ්ඩිගේ
දෙනියේ පස්‌ යට..

මිනින්දෝරු  කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනවද..
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල්‌ අරගෙන
තරහ අවසරයි යනවද
දම්වැල්‌ අරගෙන

දෙයි හාමුදුරුවො දන්නව නම්‌ දැන්‌ ඈ නැති වග
තෙල්‌ පාන උනත්‌ නිවා දමයි
සංහිඳ පාමුල
වාවන්‌ නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට...
වාවන්‌ නෑ මේ දුරුත්ත
සංසාරේ තනි මට...

මිනින්දෝරු  කන්තෝරුවේ මුලාදෑනි ටික
සුදු බණ්ඩි මගේ නිදා ඉන්න
ඉඩම මනිනවද..
ඈ ඇහැ ඇරේවි යන්න හොඳයි දම්වැල්‌ අරගෙන
තරහ අවසරයි යනවද
දම්වැල්‌ අරගෙන..

Video thumbnail