Ruwak adenawa kaudo enawa Lyrics
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා.. මොහොතින් එනවා...
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ..
සොඳුරු යොවුන් විය මල් මග මුල හිඳ
කිම තොල මීවිත පොඟවන්නේ..
නුරා විරහ ගිනි නිවා දමන්නයි
සුරා චෙතින් මා දෙතොල තෙමන්නේ
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා.. මොහොතින් එනවා...
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දළුලා එනවා...
නැගුණු නුරා ගිනි මී පොද වැටිලා
හතර අතින් දළුලා එනවා..
අවන්හලේ මීවිත තනිකරලා
වරෙන් මලේ පියවර නගලා..
රුවක් ඇදෙනවා කවුදෝ එනවා
මීවිත ඇඳිරිය දෑස වසනවා
හද පොදි බැඳි දුක දියකර පා කර
ඔබේ ලොවට මා.. මොහොතින් එනවා...