Sakman karana maluwa

Sakman karana maluwa

karunarathna divulgane
Sakman karana maluwa Lyrics

සක්මන්‌ කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන්‌ ගමන්‌ එපා පා පැකිලේවී....
දස්කොන්‌ සකිසඳ මා ඔබේ කුමාරී...

සෙංකඩගල වටකල පවුරු වළල්ලේ..
පෙම්‌ ගී ගැයු විහඟුන්‌ හැපී වැටෙන්නේ...

සෙංකඩගල වටකල පවුරු වළල්ලේ....
පෙම්‌ ගී ගැයු විහඟුන්‌ හැපී වැටෙන්නේ...
රන්තරු දෑස පියන රෑ හඳපානේ..
අත්තන මලක්‌ වෙලා ඔබ ළඟ ඉන්නේ..

සක්මන්‌ කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන්‌ ගමන්‌ එපා පා පැකිලේවී....
දස්කොන්‌ සකිසඳ මා ඔබේ කුමාරී...

වාසල මිණි බැඳි දොර අරන වෙලාවේ
දෑසින්‌ වැටෙන කඳුළු මට සිහි නොවුණේ..

වාසල මිණි බැඳි දොර අරන වෙලාවේ..
දෑසින්‌ වැටෙන කඳුළු මට සිහි නොවුණේ....
ඒ ආදරය ගියත්‌ ඉක්මන්‌ ගමනේ..
මා තනි කරන්නෙපා මතු සංසාරේ...

සක්මන්‌ කරන මළුව පාළුයි දේවී..
මං විතරයි ඔබ කිසි දිනෙක නොඒවී..
ඉක්මන්‌ ගමන්‌ එපා පා පැකිලේවී....
දස්කොන්‌ සකිසඳ මා ඔබේ කුමාරී...

Video thumbnail