Sihinayata tharam thatu ne mata nam Lyrics
සිහිනයට තරම්.. තටු නෑ මට නම්...
පියඹන්න අරන් නුඹ අහසේ..
ආදරය තරම්.. සියුමැලි මනරම්...
සිහිනයක් තියේවිද ලෝකේ..
කඳු හිස් මුදුන් කර
තරු ලකුණු වැටෙනා.. අතර..
සිත නුඹම සොයා
වලා බැම්මෙන් ඉගිල යයි..
ලොව නිදනා.. අතර..
සයුරක් වි වැතිර..
නුඹ සරලි නගනා.. අතර...
කිරි සිනා ගඟක්
මියුරු ලෝකෙන් අරන් එමි....
ඉන්නවාද.. ඇහැර..
සිහිනයට තරම්.. තටු නෑ මට නම්...
පියඹන්න අරන් නුඹ අහසේ..
ආදරය තරම්.. සියුමැලි මනරම්...
සිහිනයක් තියේවිද ලෝකේ..
කඳුළක් ළඟට දුර..
තව දුරස් කලේ.. නුඹය..
වැහි ඇල්ලක් වගේ සොඳුරු සිහිලක් ගෙනා මට..
ජීවිතයේ.. කතර..
සෙනෙහස් සිහින මල්
හැම සැබෑ කෙරු.. සසර..
නුඹ සඳකි රුවන්...
කුමුදු යායක් පුබුදු කර..
මා හද කල.. සුවඳ..
සිහිනයට තරම්.. තටු නෑ මට නම්...
පියඹන්න අරන් නුඹ අහසේ..
ආදරය තරම්.. සියුමැලි මනරම්...
සිහිනයක් තියේවිද ලෝකේ..