Sulanga obada mage susuma aran yanna Lyrics
සුළඟ ඔබද..
මගෙ සුසුම අරන් යන්න එනවද..
සුවඳ ඔබද..
මතකය ගෙන යන්න යනවද..
තරුව ඔබද..
අහසේ තනිවෙන්න ඕනැද..
එයා ඔබද..
යළි හමුවෙන්න එනවද..
සුළඟ ඔබද..
මගෙ සුසුම අරන් යන්න එනවද..
සුවඳ ඔබද..
මතකය ගෙන යන්න යනවද..
තරුව ඔබද..
අහසේ තනිවෙන්න ඕනැද..
එයා ඔබද..
යළි හමුවෙන්න එනවද..
ලැජ්ජාවටදෝ.. අහක බලන්නේ
හුරතලේටදෝ.. මුණ වහන්නේ
තරහවෙලාදෝ.. හිනා නොවෙන්නේ
යළි කවදාදෝ.. ආපසු එන්නේ..
සැනසීමටදෝ.. දෑත වනන්නේ
ආදරේටදෝ.. මට රිදවන්නේ
කවුරු නිසාදෝ.. ඔබ ළතැවෙන්නේ
යළි කවදාදෝ.. අපි හමුවන්නේ..
තනිය මටද..
මගෙ තනිය මකාලන්න එනවද..
සිහින මටද..
සිහිනෙන් දැක ගන්න එනවද...
කඳුළු මටද..
දෑසේ වියැලෙන්න දෙනවද..
දුකම මටද..
මගේ දුක විඳගන්න දෙනවද...