Veenavi urathalaye randenna Lyrics
විණාවී.. උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න
වීණාවී..
කොවුලාන.. රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න
කොවුලාන..
තරු මල් ඉස අහසට
නිල් සළු නිල් යහනට
නිදන්න යාවි තරින්දූ..
කඩුපුල් මල් යායට
පෙම් බැඳ ගෙන සුවඳට
නොනිදයි මගෙ බඹරින්දූ..
විණාවී.. උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න
වීණාවී..
කොවුලාන.. රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න
කොවුලාන..
නියගින් තතින් තතට
පැන හදවත සොයන්න
අවසර දෙයිද එලන්දූ..
මා හද මට නැති විට
කවුරුද කියන්න මට
දුක සැප අසන නිරින්දූ..
විණාවී.. උරතලයේ රැඳෙන්න
සත්සර රැව් නගන්න
වීණාවී..
කොවුලාන.. රන් ස්වරයෙන් ගයන්න
මා හද පිරිමදින්න
කොවුලාන..