Gini malak pipunaya dorakada Lyrics
ගිනි මලක්.. පිපුණාය දොරකඩ
වරක් නොව තව.. වතාවක්
සඳක් සේ.. දිලිසුනා පුරපස
පිපුණි දොරකඩ.. රන් මලක්
ගිනි මලක්.. පිපුණාය දොරකඩ
වරක් නොව තව.. වතාවක්
සඳක් සේ.. දිලිසුනා පුරපස
පිපුණි දොරකඩ.. රන් මලක්
මදහසක්.. දිලිසිය මුව අග
නිමේෂයකට.. කඩ ඉමක් ඇඳ
නමුදු ඒ හස.. කඩා කඩ ඉම්
ගෙන ගියා අප.. අනන්තය වෙත
ගෙන ගියා අප.. අනන්තය වෙත
ගිනි මලක්.. පිපුණාය දොරකඩ
වරක් නොව තව.. වතාවක්
සඳක් සේ.. දිලිසුනා පුරපස
පිපුණි දොරකඩ.. රන් මලක්
දුටිමු අප.. ඇගෙ ඇසි පියන් යට
දෙසිත් කැළඹූ.. නිල් උපුල් යුග
දැවි දැවී සැන..සුනා අප සින්
තැබී ඈ තව.. පියවරක් දුර
තැබී ඈ තව.. පියවරක් දුර
ගිනි මලක්.. පිපුණාය දොරකඩ
වරක් නොව තව.. වතාවක්
සඳක් සේ.. දිලිසුනා පුරපස
පිපුණි දොරකඩ.. රන් මලක්