Awwe Muthu Ata Wapura Lyrics
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
අපා දෙපා සිව්පාවුන්
ගෙන එන වින වළකන්නට
සනසා නුඹ අප වටකර දඬුවැට වෙච්චි
මහ කැලේට ඇස් මානං අපෙ අප්පච්චි
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී
ජීවිතයේ බඹර වෙලේ
පැණි හොයලා රූටන්නේ
හිත හයියට කලවැල්පොට වරපොට වෙච්චී
විරිය පාරම්තා පුරන අපෙ අප්පච්චි
අව්වේ මුතු ඇට වපුරා
ඒ මුතු පණමට හරවා
අපේ කුසේ ගිනි නිවලා
නුඹ කුසගින්නේ. .
ඉඳ හිනැහෙන්නේ.. අපෙ අප්පච්චී
නුඹ කුසගින්නේ.. අපෙ අප්පච්චී