Kassata Kos Ata Unata Kurumba

Kassata Kos Ata Unata Kurumba

lahiru perera
Kassata Kos Ata Unata Kurumba Lyrics

කැස්සට කොස්‌ ඇට උණට කුරුම්බා
වැස්සට නොතෙමි කුඩය ගනිල්ලා
රස්නෙට වෙනිවැල්‌ බිව්වම ඇඟට හොඳා
(හේ කලහේ බඩාගේ බඩ පිරලා)
වක්කඩ අස්‌සේ හකුරු හංගලා
නැතිවෙන හකුරට නාහෙන්‌ අඬලා
අස්සයා පැන්නම කඩුල්ල වසනු එපා

උෂ්ණෙට මුං ඇට සව් කැඳ බොන්න සුදා
(හේ කලහේ බඩාගේ බඩ පිරලා)
අරළු පෙති දෙකක්‌ බිව්වම බඩට හිනා..
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ කලහනේ බඩාගේ බඩ පිරලා)
යකඩ වලට විකුණමු අපි කොමිස්‌ තියා

සන්‌ ග්ලාස්‌ දාගෙන වටපිට බලලා
වැස්සක්‌ දැන්‌ දැන්‌ එතැයි කියාලා
අව්වේ රෙදි ටික ඇතුලට ගන්න එපා
(හේ කලහේ බඩාගේ බඩ පිරලා)
මහදැන මුත්තගෙ උපදෙස්‌ අහලා
එළුවව අරගෙන බෙල්ලෙන්‌ කපලා
කැකිල්ලේ රජුගෙන්‌ තීන්දු අසනු එපා

උෂ්ණෙට මුං ඇට සව් කැඳ බොන්න සුදා
(හේ කලහේ බඩාගේ බඩ පිරලා)
අරළු පෙති දෙකක්‌ බිව්වම බඩට හිනා..
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ කලහනේ බඩාගේ බඩ පිරලා)
යකඩ වලට විකුණමු අපි කොමිස්‌ තියා

(සැරි සඳට බැඳි වරලස.. දිලෙන්නේ..
නෙරිය තියාලයි සේලය.. අඳින්නේ...)

ශේක්ෂ්පියර් ගැන ලෝකෙට කියලා
මිස්ට බීන්‌ ලගේ නාට්‍යය බලලා
හවසට ඇවිදින්‌ නෝනට බනිනු එපා
නෝනට බනිනු එපා..
ලෝක විනාසෙට ඇඟිලිත්‌ ගැනලා
අල්ලේ ඉරි මත ලෝකය තියලා
සෙනසුරු අපලෙට ජීවිතෙ ලියනු එපා

උෂ්ණෙට මුං ඇට සව් කැඳ බොන්න සුදා
(හේ කලහේ බඩාගේ බඩ පිරලා)
අරළු පෙති දෙකක්‌ බිව්වම බඩට හිනා..
බර්මියුඩා වල නැතිවෙන නැව් හොයලා
(හේ කලහනේ බඩාගේ බඩ පිරලා)
යකඩ වලට විකුණමු අපි කොමිස්‌ තියා

Video thumbnail