මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
කරකාරේ බඳින්නේ කවදා දෝ දෙන්නා
නුඹමයිනේ ළඳුනි මගේ ජීවිතේ පුරා..
මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
සරසන්නම් මල් වැල් ගොතා....
පිනි බින්දු ඇහැරිචිච නිල් යායේ ඇවිදිමුකෝ
එක්කාලා මාගේ සුදා
මල් පිපෙන හිමිදිරියේ නුඹ කැන්දා මා ළඟට
සරසන්නම් මල් වැල් ගොතා....
පිනි බින්දු ඇහැරිචිච නිල් යායේ ඇවිදිමුකෝ
එක්කාලා මාගේ සුදා
මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාලා
සතපන්නම් මගෙ උණුසුමේ.....
නුඹෙ පුසුඹින් නහවන්න මගෙ ගෙපැල සිරී දෙන්න
එනවාද මගෙ දෙව්දුවේ
සඳ දහරෙන් නහවාලා තරුකැට ගෙල සරසාලා
සතපන්නම් මගෙ උණුසුමේ....
නුඹෙ පුසුඹින් නහවන්න මගෙ ගෙපැල සිරී දෙන්න
එනවාද මගෙ දෙව්දුවේ
මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
කරකාරේ බඳින්නේ කවදා දෝ දෙන්නා
නුඹමයිනේ ළඳුනි මගේ ජීවිතේ පුරා..
මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි
ඉන්නකෝ මාගේ සුදා
මන බැන්දු හද රැන්දු අදරැති සුර ළන්ඳු
කොයි යන්නේ ඔමරි පපා
හිත ඇත්තේ නුඹ ළඟමයි හද ඇත්තේ නුඹෙ නමටයි
ඉන්නකෝ මාගේ සුදා