රතු රටකජු සුළු රටකපු එකට උයාලා
රතු චීත්ත දෙජාතියෙන් ගවුමක් මහලා
සමරේ අයියගේ සරමේ සමර ගෑවිලා...
ඒවා අනේ හෝද ගන්න වතුර මදි වෙලා.. හා හා..
චූටි ටීචගේ ටෝච් එකෙ බැටරිය බැහැලා
අල ලොරයයි ලුණු ලොරියයි එකට පෙරලිලා
කෙහෙල් බද්දරන් තරඟෙට බයිලා ඇහෙනවා
කිඹුල බනිස් වගේ ඒවා නැගලම යනවා... හා හා...
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
එංගලන්තේ මහ රැජිනට බයිලා කියනවා
විලියම් කුමරුට ඩොලැක්කි ගහමු කියනවා
ආනමාලු අරන් ගිහින් බෙකම්ට දෙනවා
ලන්ඩන් වල පාරේ මැද්දේ කොකිස් බඳිනවා... හා හා...
සාරි ගප්පි අරන් ගිහින් සාරී මහනවා
වයිට් හවුස් කුලියට ගෙන කඩේ දානවා
සාරි කඩේ වැඩ කරන්න මධුර ගේනවා
අතුගාන්න ශාරුක් හට එන්න කියනව.. හා හා
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
(කන් කන් බුරෝ.. සින් සින් නොරූ..
මන් කියන දේ අහනවද... නැතෝ..
මන් කියන දේ අහන්නෙම නැද්ද.. නෑ...
නැට්ට ගහේ ගොට්ටේ කජු.. ඕ..)
එක්දේ ලංකා කියලා කොඩිය වනනවා
චක් නෝරස් අරන් ඇවිත් ටොකුත් අයිනවා
චක් අල්ලන අම්පයරලා මෙහෙට ගේනවා
ඇස් ඇතුලේ වන්ගු ඇද්ද හොයලා බලනවා... හා.. හා..
ලෝකාන්තේ බලන්න මම තනියම යනවා
පාට පාට කොළ අරගෙන රොකට් හදනවා
රොකට් යවලා බළන්ගොඩ දි එකතු කරනවා
කවදා හරි සිංහ කොඩිය හඳේ ගහනවා.. හා.. හා..
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
රම්පෙට පොරි හැලෙයි.. දෙල් ගහේ පොල් හැදෙයි
දොම්පෙට හරි දුරයි.. වියදම් කෝටියයි
දෙල්කඳ පොළෙන් ගෙනා හොඳ කිරි අළුවා
වාගේ සින්දු ගොතා කියලා බැලුවා
මේ වගේ සින්දු ගොතා කියලා බැලුවා
(ඉවරයිද.. හහ හා.. හා එහෙනම් යං)