හරි ආදරයෙන් මා ළඟ ඉන්න.. Lyrics
හරි ආදරයෙන් මා ළඟ ඉන්න..
මට බැරි නෑ හිරිහැර විඳගන්න..
මට හිනාවෙන්න වීරිය දෙන්න..
අර ඉස්සර වාගෙම මට ඉන්න..
හරි ආදරයෙන් මා ළඟ ඉන්න..
මට බැරි නෑ හිරිහැර විඳගන්න..
මට හිනාවෙන්න වීරිය දෙන්න..
අර ඉස්සර වාගෙම මට ඉන්න..
නුඹ නිතර සිඹින මේ ඉහ මතට..
ඇයි මහා මෙරක් තැබුවේ මෙහෙම..
දුක දැනෙන ඇඬෙන මේ ඇස් දෙකට..
ආදරේ කීවේ ඇත්තට නොවෙද..
හරි ආදරයෙන් මා ළඟ ඉන්න..
මට බැරි නෑ හිරිහැර විඳගන්න..
මට හිනාවෙන්න වීරිය දෙන්න..
අර ඉස්සර වාගෙම මට ඉන්න.
දෙවිවරුන් පවා මියැදෙන බණක..
මට පුදුමත් නැහැ මගෙ මේ කඳුළ..
නුඹ සුළඟ ඉතින් මා හැර යන්න..
ආදරයක දුක් මට උහුලන්න..
හරි ආදරයෙන් මා ළඟ ඉන්න..
මට බැරි නෑ හිරිහැර විඳගන්න..
මට හිනාවෙන්න වීරිය දෙන්න..
අර ඉස්සර වාගෙම මට ඉන්න...