සඳ කිනිති නැමී විල්‌ දියට එබී

Sanda Kinithi Nami Vil Diyata Ebi

lakshman wijesekara
සඳ කිනිති නැමී විල්‌ දියට එබී Lyrics

සඳ කිනිති නැමී විල්‌ දියට එබී
සොයයි සේයාව සඳේ..
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..

සඳ කිනිති නැමී විල්‌ දියට එබී
සොයයි සේයාව සඳේ..
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..

සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්‌..

සසල නොවී විල තිබෙන තුරා
දිලෙයි සඳ දියට යටින්‌..
සසල වෙලා දිය කැළඹුණු දා
බිඳෙයි සඳ කැබිලි පිටින්‌..

සඳ කිනිති නැමී විල්‌ දියට එබී
සොයයි සේයාව සඳේ..
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..

සසල නොවී ඔබ හිඳින තුරා
පෙනෙයි මා ඔබේ නෙතින්‌..

සසල නොවී ඔබ හිඳින තූරා
පෙනෙයි මා ඔබේ නෙතින්‌..
සසර පුරා සැරිසරන තුරා
බලමි ලොව ඔබේ නෙතින්‌..

සඳ කිනිති නැමී විල්‌ දියට එබී
සොයයි සේයාව සඳේ..
ඔබෙ නෙතට එබී මගෙ නෙතද සදා
සොයයි සේයාව මගේ..

Video thumbnail