කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංක්ණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
ආදරෙන් බලන්න හිතෙනවා
ආදරෙයි කියන්න හිතෙනවා
කෝප වෙයි නොවෙයිද සිතෙනවා
ඈ මා ළඟින්ම පාදෙ නබනවා
වාසනාව මෑත පේනවා
රහසකින් රසින් ඇසේනවා
ආසාවෙන් දෑස වැහෙනවා
රෝස මල් ලොවක් මැවෙනවා
ඈ මා ළඟින් මා ළඟින් පාදෙ තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාදෙ තබනවා
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංක්ණි කතාවයි
කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි
රන් තොරන් බඳින්න ඕනද
පාවඩ එලන්න ඕනද
හේවි සි වයන්න ඕනද
ඔය දෙපා තබන්නේ එහෙමද
මල්සරාට වැරදිලා වගේ
මට පෙනෙන්නෙ වැරදිලා වගේ
රුව තරම් සිත නොවෙයි ඇගේ
ආදරේ එපා කියයි මගේ
ඈ මා ළඟින් මා ළඟින් පාදෙ තබනවා
ඈ මා ළඟින් මා ළඟින් පාදෙ තබනවා
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
කැකිරි පැලෙන ටිකිරි හිනාවයි
ඇගේ ගමන බිමන නාරි ලතාවයි
හෝ... කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංක්ණි කතාවයි
ආ... කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කිංකිණි කතාවයි