මල්‌ යහනාවකි ලෝකේ

Mal Yahanawaki Loke

m s fernando
මල්‌ යහනාවකි ලෝකේ Lyrics

මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්දා ලෝකේ

ඊයේ ගතවිය හෙට පැමිණී නැත
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ
අද පමණයි ඇත්තේ
සඳ බැස යාවිද ඉරු නැග ඒවිද
එය ස්ථිර නැත්තේ
එය ස්ථීර නැත්නේ
ඔව්‌.. එය ස්ථිර නැත්තේ

සිතෙහි සතුට නැත සදහට පවතින්නේ
ලැබුණු තැනදි ඇයි සිතමින්‌ ළතවෙන්නේ

මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්දා ලෝකේ

රන්වන්‌ පැහැයෙන්‌ රහසින්‌ අමතන
මීවිත අතට ගමු
මීවිත අතට ගමු
මීවිත අතට ගමු
මල්‌ මදිරාවේ පෙම්‌ සිලිලාදේ
රස විඳ ඔකඳ වෙමු
රස විඳ ඔකඳ වෙමු
අපි රස විඳ ඔකඳ වෙමු

පියා සලාගෙන කාලය පියාඹනවා
පමා උනෝතින්‌ අප මග තනිවෙනවා

මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්දා ලෝකේ

අඬමින්‌ ඉපදී අඬමින්‌ පසුවී
අඬමින්‌ අප යන්නේ
අඬමින්‌ අප යන්නේ
අඬමින්‌ අප යන්නේ
එහෙනම්‌ චුට්ටක්‌ විනෝද වෙමු අපි
ඇයි බල බල ඉන්නේ
ඇයි බල බල ඉන්නේ
ඔබ ඇයි බල බල ඉන්නේ

පල නැත අවුරුදු සියයක්‌ සුසුම්‌ හෙලා..
දවසක්‌ ජීවත්‌ වෙමු අපි උදම්‌ වෙලා

මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
යන නොසිතු වෙලාවක වියැකී
ජීවය තණ අගපිනි බිඳකී
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්දා ලෝකේ
මල්‌ යහනාවකි ලෝකේ
නෑවෙයි චන්ද්‍රා ලෝකේ...

Video thumbnail