මම එන්නේ ඩුබායි රටේ ඉඳලා

Mama Enne Dubai Rate Indala

m s fernando
මම එන්නේ ඩුබායි රටේ ඉඳලා Lyrics

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක්‌ හදලා
ටීවි රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

මගෙ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක්‌ නැතුව
හිතේ අමාරුවෙන්‌ හිටියේ මං

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

එරන්දතී මට කැමැත්ත දුන්‌ නැහැ
අම්මා තාත්තලා මූණ බැලුවේ නැහැ

එරන්දතී මට කැමැත්ත දුන්‌ නැහැ
අම්මා තාත්තලා මූණ බැලුවේ නැහැ
දැන්නම්‌ බලනවා දුක සැප අහනවා
මොකක්ද වෙනසක්‌ සිදුවෙලා තිබෙනවා

එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

මම එනතුරු සිව්‌ වසරක්‌ හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු

මම එනතුරු සිව්‌ වසරක්‌ හිටියලු
මට ජය ලැබෙන්ට ආසිරි පැතුවලු
පොහොසත්‌ වෙනකොට යහපත්‌ වෙන්නලු
අහක බැලුවේ ඇයි හිත රිදෙනවාලු

එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දලා මාමලා ආවද කොපමණ

මංගල යෝජනා දවසට දෙක තුන
නැන්දලා මාමලා ආවද කොපමණ
ආඩම්බර කම්‌ කුමකට පෙන්වන
එහෙනම්‌ මගෙ හිත එරන්දතී ගැන

එන්නෙ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

හරි ලස්සන පොඩි ගෙයක්‌ හදලා
ටීවි රේඩියෝ දාලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

මගේ අතේ මිටේ සතේ නැතිව
ඉල්ලගන්න කෙනෙක්‌ නැතුව
හිතේ අමාරුවෙන්‌ හිටියෙ මං

මම එන්නේ ඩුබායි රටේ ඉඳලා
සල්ලි හොඳට හම්බ කරලා
හම්බ කරපු සල්ලි මා ළඟයි

Video thumbnail