රස ආහාර කවලා..

Rasa Ahara Kawala

m s fernando
රස ආහාර කවලා.. Lyrics

රස ආහාර කවලා.. රන්‌ කූඩුවේ තියලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී
අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා
සිතුවද ඈ දාලා යයි කියාලා

මම බත්‌ කෑවද ගිරවි කියල ඇහුවම
ඔව්‌ මම බත්‌ කෑවා කියනවා
මම ගිරවි ගිහින්‌ කැලේ අනාරින්නද
අනේ අනේ එපා කියනවා

අපි ඇති කෙරුවත්‌ රන්‌ කූඩුවේ දමලා
කුස පිරෙන්න රස ආහාර කවලා
ගිරවුන්‌ යනවලු ලැබුණොත්‌ පැනලා
ඔබ යනවද මටත්‌ එහෙම කරලා

වත්තේ මල්‌ පිපෙන්නේ නෑ.. ගෙදර සිරියාවක්‌ නෑ
ඔබ නැතිනම්‌ මේ දේවල්‌ නෑ
ගිරවුන්‌ හොඳ නෑ.. මේ ගිරව්‌ එහෙම නෑ
අත හැරියත්‌ දාලා යන්නේ නෑ

රස ආහාර කවලා.. රන්‌ කූඩුවේ තියලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී
අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා
සිතුවද ඈ දාලා යයි කියාලා

ඔබේ රෑන සමඟ පියඹාගෙන යන්න
කුඹුරට ගොස්‌ අහුලාගෙන කන්න
කැලේ ගහක රෑ කාලෙ ගෙවන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න

ලස්සන මල්‌ වතුවල ගැවසෙන්න
වලාකුළු ඉරාගෙන ඉගිළෙන්න
නෙළා ගෙන ඇවිත්‌ පලතුරු කන්න
ඔබට ආස නැද්ද ඒ විදියට ඉන්න

ඒ විදියට ඉන්න.. ආසැදැයි බලන්න
මේ කූඩුවේ දොර ඇරල තියන්න
මාව දාල යන්න.. බැහැ නේද කියන්න
මට ආසයි එය දැනගන්න

රස ආහාර කවලා.. රන්‌ කූඩුවේ තියලා
ඇති කරන්න ගත්ත මාල ගිරවී
අත හරින්න කියලා ඇයි කියන්නේ ඔහෙලා
සිතුවද ඈ දාලා යයි කියාලා

Video thumbnail