ඔබගෙ අම්මද.. නැතිනම්.. ඔබගේ බිරිඳද
ඔබ ආදරේ මේ දෙදෙනාගෙන් කාටද
ගෑණු අපිට සිය ගණන් සෙව්වැකි
හැබැයි.. අම්මා කිව්වොත් එක්කෙනයි බොරු නැති
අතමිට කාසිපනම් ඇතිවිට
එතකොට ගෑණුත් ඇති වටපිට
එයලා අතමිට නැතිදා හැර යයි යන්නට
නමුත් අම්මා එහෙම කරයිද තම පුතාට
සමහර තරුණ තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕන තරම් ලෝකේ හරිම කරදරේ
එක අම්මයි ඇත්තේ අපට එයයි ආදරේ
එදා චූලපදුම රජතුමාගේ බිසවට
පිපාසේ උනා කාන්තාරේ යනකොට
රජා උරේ පලලා ලේ දුන්නනේ බොන්නට
රජු එතරම් ආදරෙන් හිටියේ බිසවට
ඈ ආස හිතලා අතපය නැති හොරෙකුට
රජාව එක්කන් ගොස් මහ කන්දක් මුදුනට
තල්ලු කෙරුව ඒ කන්දෙන් පහලට
අම්මා එහෙම කරයිද තම පුතාට
එදා රජතුමා සහ බිසව කැලේ යනවිට
වැදි කුමරෙක් කඩා පැන්නා සටනට
ඒ වැදි කුමරාගෙ හැඩිදැඩි වු සිරුරට
ආස හිතුනා රජතුමාගේ බිසවට
කඩුව ඇගෙන් රජතුමා ඉල්ලූ විට
කඩු කොපුව රජුට කඩුව දුන්නා වැද්දට
අන්න ඒක නිසා නහින්න වුණා රජාට
ළමයෝ.. අම්මා එහෙම කරයිද තම පුතාට
ඔබේ බිරිඳුව ඔබේ ළඟට කැන්දා
ඇගේ වැරදි ඇතොත් කියලා දෙන්න පහදා
ඔබ බිරිඳට ආදරෙන් ඉන්න සැමදා
මොකද ඔබේ අම්මත් ගෑණු කෙනෙක් හින්දා
සමහර තරුණ තරුණියන්ට රැවටිලා
අසරණ මෑණියන්ට වෙනස්කම් කළා
ගෑණු ඕන තරම් ලෝකේ හරිම කරදරේ
එක අම්මයි ඇත්තේ අපට එයයි ආදරේ