මා එක්කලා.. අමනාපව.. වී දබර.. Lyrics
මා එක්කලා.. අමනාපව.. වී දබර..
දූගේ තාත්තා.. එන්නේ.. නැහැ ගෙදර..
වැලි පොල් කටුයි හැඳි රෑනයි පෙරලාලා..
මිදුලේ වැටුණු කොළ සේරම අතුගාලා..
ගේ ළඟ වැට කඩුල්ලට බැරි බර දීලා..
රෑ එළි වෙනතුරා ඉමු මිදුලට වීලා..
හඳ මාමා නැගෙන තුරු අපි තරු ගනිමු..
දෙදෙනාගේම දුක තල් අත්තක ලියමු..
හඳ මාමා අතම ඒ පණිවුඩ යවමු..
හෙටවත් ගෙදර ඒ දැයි බලමින් හිඳිමු..
මා එක්කලා.. අමනාපව.. වී දබර..
දූගේ තාත්තා.. එන්නේ.. නැහැ ගෙදර..