මළ පොතේ අකුරු බෑ කී මිනිහා.. Lyrics
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
ඉංගිරිසි පත්තරයක්
මුල ඉඳලා අගට බලනවා..
අග ඉඳලා මුලට බලනවා..
කොහෙන් ඉගෙන ගත්තද මන්දා..
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
මං කැන්දන් එන දවසේ
කන අත්සන ගැහුව කෙනා
පුංචි පුංචි තුන්ඩු කෑලි එකට තියනවා..
මෙන්න බොලේ ඉංගිරිසි අකුරු ලියනවා
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
ඉංගිරිසි පත්තරයක්
මුල ඉඳලා අගට බලනවා..
අග ඉඳලා මුලට බලනවා..
කොහෙන් ඉගෙන ගත්තද මන්දා..
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
පාන්දරම කඩේ ගිහින්
ගෙනා පත්තරේ බලලා
මූණ නරක් කර දෑතේ නියපොතු කනවා..
කහට කෝප්පය පැත්තක හීතල වෙනවා
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..
ඉංගිරිසි පත්තරයක්
මුල ඉඳලා අගට බලනවා..
අග ඉඳලා මුලට බලනවා..
කොහෙන් ඉගෙන ගත්තද මන්දා..
මළ පොතේ අකුරු බෑ කී මිනිහා..