ඔබම මාද විය මාද ඔබම විය Lyrics
ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
පවසා ගන්නට දහක් වදන් ඇත
පෙන්විය නොහැකි වූ දහක් දසුන් විය
ඒ සැම මැද්දේ සිත කය සිරවුණු
අහිංසකාවිය පමණද ඔබ ළඳ
ඔබම මාද විය මාද ඔබම විය
සාගර වෙරළක පිය සටහන් මත
ඔබ මා සමගින් ගෙවූ දිනක් ඇත
ඒ රන් හිරු රැස විහිදුණු මොහොතේ
ඔබම මාද විය මාද ඔබම විය
ඔබමය මා සිත ඔබමය මා ගත
සිතින්ද සිරුරෙන් පොබ කල හිමියනි
ඔබෙන් රකින්නට රහස් කිසිත් නැත
එවන් කලෙක මා එපා නොකල මැන
ඔබම මාද විය මාද ඔබම විය......