සඳ මඩලේ සිට තරු මඩලේ සිට
දිවැස් හෙළන පුතුනේ..
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ..
සඳ මඩලේ සිට තරු මඩලේ සිට
දිවැස් හෙළන පුතුනේ..
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ..
පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි..
කම්හල් නව නිපැයුම් නිම වන්නේ
ඒ සුරතල් පුතුටයි..
පුරන් කුඹුරු වපුරන්නේ පුතුනේ
හෙට උපදින පුතුටයි..
කම්හල් නව නිපැයුම් නිම වන්නේ
ඒ සුරතල් පුතුටයි..
සඳ මඩලේ සිට තරු මඩලේ සිට
දිවැස් හෙළන පුතුනේ..
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ..
සාර කෙතේ අස්වනු පීදෙන්නේ
පුතුනි ඔබේ නමටයි..
නුඹේ පියාගේ දෑත රත්තරන්
පුතු ලද දෙවි පිහිටයි..
සාර කෙතේ අස්වනු පීදෙන්නේ
පුතුනි ඔබේ නමටයි..
නුඹේ පියාගේ දෑත රත්තරන්
පුතු ලද දෙවි පිහිටයි..
සඳ මඩලේ සිට තරු මඩලේ සිට
දිවැස් හෙළන පුතුනේ..
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ..
සඳ මඩලේ සිට තරු මඩලේ සිට
දිවැස් හෙළන පුතුනේ..
බලාගන්න පුත බලාගන්න පුත
ලස්සන ලක් දෙරණේ..