තාර පාර දිග පාට පාට කඩ Lyrics
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවනැල්ලේ..
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ..
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවනැල්ලේ..
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ..
රූප පෙට්ටි කෙළි සෙල්ලම් නගරය
කාසි තරඟයට සූදූ කෙළිනවා
ජීවිතයේ රණ බිමට වඩින්නට
මලේ උඹට කල දවසක් එනවා
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවනැල්ලේ..
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ..
බෝල ලොසින්පර දිව රස කෙරුවට
බඩගින්දර නැහැ නිවා දමන්නේ
කීර ගැහෙන කල වාරු නැති දෙපා
කොහොමද උඹ දිග ගමන දුවන්නේ
තාර පාර දිග පාට පාට කඩ
සල්පිල් හෙවනැල්ලේ..
ගිනි හුළඟින් දූවිලි ඇවිලෙනවා
ඒ ගින්නෙන් උඹ දැවෙයි මලේ..