ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ
අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ
දෙවියන්ටත් දෙවියන් වූ අපෙ අම්මා වාගේ
කවුරුත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ
ජීවිතයට වඩා.. වටිනවා අම්මා
මේ ලෝකෙට වඩා.. දැනෙනවා අම්මා
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..
ජීවිතේ මට වගේ වෙන කාටවත්ම නොකෙරූ
ආදරේ අම්මගේ වරමක්ද මටම ලැබුණු
ලේ ටික කිරි වුණාම.. ආදරේ වැඩි වුණාම
දෙතනින් පිටාරය ගලයි..
ඒ ණය මට ගෙවන්න.. බෑ මේ ආත්මයට
හැමදාමත් මං ණයයි..
අම්මට තාමත් ණයයි..
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..
මං නිසා ඔය නෙතින් කඳුළක් වැටෙන්න ඇතිනේ
මං නිසා කරදරෙන් හිත රිදව ගන්න ඇතිනේ
අම්මේ සමාවෙන්න.. නොසිතා දුන්නු දුකට
මට පව් සිද්ද වෙන්නෙපා..
ලබනා ආත්මෙකදි.. දෙව්ලොව සම්පත් පිරි
තැනකම යළි ඉපදේවා..
මගෙ අම්මා ඉපදේවා..
ඉරෙන් එළිය අරන් හැදුණු සඳ කිරණක් වාගේ
අම්මාගෙන් පණ අරගෙන හැදුණු දිවිය මාගේ
දෙවියන්ටත් දෙවියන් වූ අපෙ අම්මා වාගේ
කවුරුත් නෑ ආදරයක් දුන්නේ මට ලෝකේ
ජීවිතයට වඩා.. වටිනවා අම්මා
මේ ලෝකෙට වඩා.. දැනෙනවා අම්මා
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..
මට වැඩියෙන් දවසක් අම්මා..
ජීවත් වේවා මගෙ අම්මා..