මුළු රැයක් පුරා.. ඔබ ඔහු ළඟ..
ජීවිතය පුරා.. ඔහු ඔබ ළඟ..
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ..
මුළු රැයක් පුරා.. ඔහු මා ළඟ..
සිරුර පමණයි.. හිතයි ප්‍රේමයයි ඔබ ළඟයි..
මුළු රැයක් පුරා.. ඔබ ඔහු ළඟ..
ජීවිතය පුරා.. ඔහු ඔබ ළඟ..
ඔබයි ප්‍රියාදර ප්‍රියම්බිකා ඔහුගේ..
මුළු රැයක් පුරා.. ඔහු මා ළඟ..
සිරුර පමණයි.. හිතයි ප්‍රේමයයි ඔබ ළඟයි..
ඔහුගෙ උණුසුම් ආදරයේ.. වාසනා හිමිකාරි ඔබ..
මට හිමි හීතල.. සෙනෙහස පමණී..
මා සිත පවසන ඉරිසියා හැඟුම් ඉතින් අසන්..
මා බිරිඳ වන්න පෙම්වතිය වන්න
ඔබ මා තුරුලට මට දෙන්න දෙන්න ඔහු..
ඔහුගෙ මංගල මුදූ පැළඳූ.. පාද පරිචාරිකා වී ඔබ..
මා ඔහුගේ ගත.. සුසුමක් පමණී..
මට නැතිවනුයේ හිමිසඳ සමගින් දූ දරුවෝ..
මුළු ජීවිතෙයම අත්වැල් බැඳ ආ
මා සෙවණට මට දෙන්න දෙන්න ඔහු..
ජීවිතය පුරා.. මා ඔහු ළඟ..
මා සිත සපුරා.. ඔහු මා ළඟ..
ඔබද මාද ඒ ප්‍රියම්බිකා ඔහුගේ..
අප කඳුළු සිනා.. ඔහු වෙනුවෙනී..
අපි සිනාසෙමූ.. ඔහුගෙ නාමයෙන් වැළපෙමූ...
අපි සිනාසෙමූ.. ඔහුගෙ නාමයෙන් වැළපෙමූ...