මම බොහොම බය වුණා..

Mama Bohoma Baya Una

maxwell mendis
මම බොහොම බය වුණා.. Lyrics

මම බොහොම බය වුණා.. මගෙ පණ එපා වුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
මම බොහොම බය වුණා.. මගෙ පණ එපා වුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා

මම උත්සවයකට.. ගියා සින්දු කියන්න
මට ආපසු යන්ට.. ලැබුණා ජාමේ දොලහට
මම බැහැලා පාරට.. හැරුණා කනත්ත දෙසට
මගෙ ගිටාරෙක අතට.. අරගෙන යන්ට යනකොට

ශබ්දයක්‌ ඇසිලා මං.. ආපසු බලන එකලට
කළු බල්ලෙක්‌ ඇඟට.. පැන්නානේ බුරාගෙන මට
මම හැරිලා පස්සට.. ආපසු දුවන එකලට
කළු මිනිහෙක්‌ උසට.. හිටියානෙ පාරේ හරහට

මම බොහොම බය වුණා.. මගෙ පණ එපා වුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා

අන්න කෙනෙක්‌ දුර සිට..  එනවා පෙනුණා මෙමාට
මම දිව්වා එතනට.. මේ විස්තරය කියන්න
මම ළඟට ගිය විට.. ඈ සුර කුමරිය ලෙසට
කිව්වා මෙමාට.. බය නොවනු එයාට

ඔයා ගිටාර් ගහන්න.. ලක්ෂන සින්දු කියන්න
මට ආසයි නටන්ඩ.. කියලා කිව්වා මෙමාට
මම ගිටාර ගහනවා.. ලක්ෂන සින්දු කියනවා
තාලෙට එයත්‌ නටනවා.. මට දුකක්‌ හිතෙනවා

මම කිව්වා එයාට.. හොඳ නැහැ පාරේ නටන්ඩ
අපි යමුකෝ එහාට.. ගියා මිනි කනත්තට
මම ගිටාර ගහනවා.. ලක්ෂන බයිලා කියනවා
මට මෙහෙම පේනවා.. මළමිනි නැගිට රඟනවා

මම බොහොම බය වුණා.. මගෙ පණ එපා වුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා

සුදෝ එපා නටන්ඩ.. අපි යමුකෝ ගෙදරට
අපෙ අම්මා ඔයාට.. ආදරේ වේවී හරියට
මම මෙහෙම කිව්වම.. එයා පැන්නා අහසට
හූ කියාගෙන.. නැවතත්‌ පැන්නා පොළොවට

එයා රවනවා මෙමට.. මම ගැහෙනවා බයට
ඇගේ දත්‌ දෙකක්‌ දිගයි.. ඇස්‌ දෙක ගිනි ගොඩක්‌ වගෙයි
මම පැන්නා අහකට.. ගිටාර් එක ගත්තා දෑතට
දුන්නා ඔලුවට.. ගිටාර එකෙ කෑලි හැලෙන්ඩ

මේ ශබ්දය ඇසිලා.. මුරකරුවෝ නැගිටලා
මට වතුර පොවාලා.. බැස්සුවා ගෙදර ගෙනෙහිල්ලා
මේ විස්තරේ අහලා.. අපේ අම්මා බය වෙලා
මට බලියක්‌ ඇරලා.. ගත්තා මාව බේරලා

මම බොහොම බය වුණා.. මගෙ පණ එපා වුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා
රෑ දොලහට හොල්මනකට මාව අසුවුණා

Video thumbnail