මං බඳින්නේ නෑ.. මට දුක් විඳින්න බෑ
වද කෙරුවත්.. හෙට මැරුණත් මං බඳින්නේ නෑ
සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ රැක්ක සීලේ අත් හරින්නේ නෑ..
දැන් කාලේ කෙල්ලන් හට කළාට ආලේ..
විස්වාසය බැහැ තබන්න කොහෙත්ම රාළේ..
උඹ මගෙ පණ මැරෙනවා මම උඹ නැති කාලේ..
ඔහොම කියන අය හපන්නු දමන්න මාලේ..
උඩින් හොඳට පණ දෙන්නයි කතා කරන්නේ...
යටින් තවත් කෙනෙක් ගැනයි හිතේ තියෙන්නේ...
මම උඹටයි උඹ මෙමටයි මුලදි කියන්නේ..
බොරු නරකයි රවටන්නට ඇයි පෙලඹෙන්නේ
මං බඳින්නේ නෑ.. මට දුක් විඳින්න බෑ
වද කෙරුවත්.. හෙට මැරුණත් මං බඳින්නේ නෑ
සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ රැක්ක සීලේ අත් හරින්නේ නෑ..
මෙලොව සැපත ඔබ නැතිනම් කුමට රත්තරන්..
පොරොන්දු වෙමි ඔබ තනිකර නොයන්නට ඉතින්..
උඹ මැරුණොත් මමත් මැරෙමි කියයි හොර සිතින්..
මේවා අසා කෙල්ලෝ කොල්ලෝ වෙනවා අතරමං..
බැඳපු අලුත බොහොම හොඳට කතා කරනවා...
කල් යනකොට ඇති හොඳ නොහොඳට පෙරළනවා..
නැති දේවල් ඇති කරමින් සැක උපදනවා..
අන්තිමේදි උසාවි වල පෙනී සිටිනවා
මං බඳින්නේ නෑ.. මට දුක් විඳින්න බෑ
වද කෙරුවත්.. හෙට මැරුණත් මං බඳින්නේ නෑ
සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ රැක්ක සීලේ අත් හරින්නේ නෑ..
මං බඳින්නේ නෑ.. මට දුක් විඳින්න බෑ
වද කෙරුවත්.. හෙට මැරුණත් මං බඳින්නේ නෑ
සත්තයි මැරෙමි මම නොකා.. ඔය කෙල්ලෝ නම් එපා..
සිටන් බාලේ රැක්ක සීලේ අත් හරින්නේ නෑ..