කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී

Katharaka Thaniwee

mervin perera
කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී Lyrics

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක්‌ තැනම නොම රැඳේ
පැමිණෙන දුක්‌ පැණිරස බව නොසිතුණිද ළඳේ

සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමී

සඳ නොදනින නමුදු සඳට එළිය හිරු ගෙනී
ඔබ නොදනින නමුදු ඔබට සෙවණ මම වෙමී
සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනී
තව විමසන සිරිතට නිහඬවම හිනැහෙමී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක්‌ තැනම නොම රැඳේ
පැමිණෙන දුක්‌ පැණිරස බව නොසිතුණිද ළඳේ

විසල්‌ තුරු මුදුන්‌ පල නැත නොපිපුණු කැකුළු
දසන්‌ දෙනිස කුමටද නැතිවිට මුව මුකුළු

විසල්‌ තුරු මුදුන්‌ පල නැත නොපිපුණු කැකුළු
දසන්‌ දෙනිස කුමටද නැතිවිට මුව මුකුළු
ගඟක්‌ ලෙස ගලාවිත්‌ නැමි නැමී දඟ වැදී
මගෙත්‌ දෙපා සිපගනු මැන සිහිල සිතට දී

කතරක තනි වී ඔබ යන අයුරු පෙනි පෙනී
හිම සෙල මුදුනත සිටියද මහද ගිනි ගනී
ගිම්හානය පැමිණි එක්‌ තැනම නොම රැඳේ
පැමිණෙන දුක්‌ පැණිරස බව නොසිතුණිද ළඳේ...

Video thumbnail