මේ නගරය මා ඔබ මුණගැසුනු නගරයයි Lyrics
මේ.. නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ.. නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
මේ.. නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ.. නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
වැව් ඉවුරේ දිය රැළ පෙර සේම බිඳෙනවා..
නුග ගස් පෙළ අප නැතුවත් තව දළුලනවා..
සරසවි බිම කඳු රැල්ලෙන් එතර පෙනෙනවා..
ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා..
මේ.. නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ.. නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..
ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඔබ අත ගෙන ගිය වීදියේ ඈ හා යනවා..
සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා..
ඒ කාලේ පැතූ පැතුම් යලි සිහිවෙනවා..
ජීවිතයම හීනයකැයි කියා සිතෙනවා..
මේ.. නගරය මා ඔබ මුණගැසුනු නගරයයි..
මේ.. නගරය මා ඔබ වෙන් කෙරුනු නගරයයි..