රන් මීවිත පුරචා සුරතේ හොවා Lyrics
රන් මීවිත පුරචා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළඳේ..
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළඳේ..
තිසරුන් පිරි වන විල් සැලි
පැවසු හැඟුම් ආදරේ..
තිසරුන් පිරි වන විල් සැලි
පැවසු හැඟුම් ආදරේ..
සිසිලේ වෙලී පවනේ ඇදී
පණ ඉමෙන් බැඳී මා හා රැඳේ..
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළඳේ..
කඳුළේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ..
කඳුළේ වෙලී අඳුරේ ගැලී
කැළඹූ පැතුම් සාගරේ..
සඳකැන් රිදී තෙරපී රැඳී
පැන යා නොහී වැතිරී හිඳී
රන් මීවිත පුරවා සුරතේ හොවා
සිරිකත සවුදිය පිරුමට ආ නියා
මධු තෙපුල් සර හඬවා
හදේ තැවුල් පිසදැමුවේ
නුඹයි ළඳේ...