අනාවැකියක්‌.. කියනවා නම්‌

Aanawakiyak Kiyanawanam

mihindu ariyaratne
අනාවැකියක්‌.. කියනවා නම්‌ Lyrics

අනාවැකියක්‌.. කියනවා නම්‌
ආදරේ වෙනුවෙන්‌..
සිනා දහසක්‌.. පිපෙනවා ඇත
මගේ වෙනවා නම්..

අනාවැකියක්‌.. කියනවා නම්‌
ආදරේ වෙනුවෙන්‌..
සිනා දහසක්‌.. පිපෙනවා ඇත
මගේ වෙනවා නම්..

මලෙහි අවසර.. ලැබෙන තුරු මල්‌
පෙති නොවිඳි බඹරූ

මලෙහි අවසර.. ලැබෙන තුරු මල්‌
පෙති නොවිඳි බඹරුන්‌
මම වෙමිය සොඳුරියේ..
මම වෙමිය සොඳුරියේ..
එනයින්‌ ඔබ පිපේ සුවඳින්‌..
සුවඳින්‌..

සඳෙහි අවසර.. ලැබෙන තුරු සඳ
දිය නොවිඳි කුමරූ

සඳෙහි අවසර.. ලැබෙන තුරු සඳ
දිය නොවිඳි කුමරුන්‌
මම වෙමිය සොඳුරියේ..
මම වෙමිය සොඳුරියේ..
එනයින්‌ ඔබ දිලෙයි සතුටින්‌..
සතුටින්‌..

අනාවැකියක්‌.. කියනවා නම්‌
ආදරේ වෙනුවෙන්‌..
සිනා දහසක්‌.. පිපෙනවා ඇත
මගේ වෙනවා නම්..

අනාවැකියක්‌.. කියනවා නම්‌
ආදරේ වෙනුවෙන්‌..
සිනා දහසක්‌.. පිපෙනවා ඇත...

Video thumbnail