අත හැරෙනා.. අතැඟිල්ලෙන් මා මිදිලා..
සමුගෙන මා.. තනිවෙන්නම් මතු සැමදා..
සැමරුම් තනියෙන් හිත විඳී
එදා ඔබ මා.. සතු නොවී
මග හැරුණා අපි ආදරී..
තවමත් නෑ වෙනස් වෙලා..
දැන උන්නා නම් හිත එදා..
ඔබ ඉන් නෑ දුරස් වෙලා..
වෙන් වෙලා..
සදාතනයි එදා හිත තියේවී
ඔබ ගැන තවම සිතා..
අකාලිකයි පෙමත් ඔබ දකීවි
මතු මා ළඟ රැඳිලා..
තුරුලේ උන් හැටී.. මතකයි මා වැළපෙමී
තවමත් නෑ වෙනස් වෙලා..
දැන උන්නා නම් හිත එදා..
ඔබ ඉන් නෑ දුරස් වෙලා..
වෙන් වෙලා..
හඬා වැටී පලක් නොම තියේවී
ඔය හිත දෙතැන තියා..
පමා නොවී නිමක් සොයමු ප්‍රේමී
අපි අපි ගැනම සිතා..
තුරුලේ උන් හැටී.. මතකයි මා වැළපෙමී
අත හැරෙනා.. අතැඟිල්ලෙන් මා මිදිලා..
සමුගෙන මා.. තනිවෙන්නම් මතු සැමදා..
සැමරුම් තනියෙන් හිත විඳී
එදා ඔබ මා.. සතු නොවී
මග හැරුණා අපි ආදරී..
තවමත් නෑ වෙනස් වෙලා..
දැන උන්නා නම් හිත එදා..
ඔබ ඉන් නෑ දුරස් වෙලා..
වෙන් වෙලා...