හිතෙනවා මමත්.. පියෙකු වූවැයි Lyrics
හිතෙනවා මමත්.. පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ.. ඇය මවක් වූව දවසේ..
කුලුඳුලේ වැදුවේ.. මගේ සිහිනේ..
හිමි නැතත් මට වන්නට.. පිය උරුමේ
නොවුණත්... ඇය මගේ දුවණී
අපි මැවූ සිහිනේ.. සිටියේ ඇයයි..
අපි මැවු සිහිනයේ නිම් හිමි සොයා..
අද වුණත් මා සිතින් යනෙනා නිසා..
නම නොදන්න මාගේ දුවණී..
මා නොදන්න මාගේ දුවණී..
අපගේ හීනේ හැඩ කෙරූ කුමරි..
පෙම්වතී... ඇය පෙර මගේ ලෝකයේ
වෙන්ව ගියේ අපි.. පිනත් මදි වී ලොවේ..
ඇය මවක් වී අද ගොඩ නැගූ ලෝකයේ
ඇයත් ඔබවත් හදවතින් මගෙ වගේ....
දුර ඉඳන් හිත තුටින් ඉන්නම් බලා..
මා නැතත් ඔබ හොඳින් ඉන්නා නිසා..
නම නොදන්න මාගේ දුවණී..
මා නොදන්න මාගේ දුවණී..
අපගේ හීනේ හැඩ කෙරූ කුමටරි..
හිතෙනවා මමත්.. පියෙකු වූවැයි
පෙර පෙම් කෙරූ.. ඇය මවක් වූව දවසේ..
කුලුළුලේ වැදුවේ.. මගේ සිහිනේ...