දිනෙක රන්සළු පළඳා සඳ නැගි මේලාවෙන්‌..

Dineka Ran Salu Palanda Sanda Nagi

milton mallawarachchi
දිනෙක රන්සළු පළඳා සඳ නැගි මේලාවෙන්‌.. Lyrics

දිනෙක රන්සළු පළඳා
සඳ නැගි මේලාවෙන්‌..
පැමිණ ඔබ ගෙන යම්‌ කුමරියේ පෙම් දෝලාවෙන්‌..

දිනෙක රන්සළු පළඳා
සඳ නැගි මේලාවෙන්‌..
පැමිණ ඔබ ගෙන යම්‌ කුමරියේ පෙම් දෝලාවෙන්‌..

අසුරු කල කම්පන හා සැනසිලි පස මිතුරු..
ගෙවුණු යෞවන විය තනි නොතනියෙ උන්‌ අයුරු..
නැවත නොලිහෙන ලෙස රැහැනින්‌ බැඳ දා පවුරු..
සතුට ගෙන දිය හැකි ඔබ හැර ඇතිදෝ කවුරු...

දිනෙක රන්සළු පළඳා
සඳ නැගි මේලාවෙන්‌..
පැමිණ ඔබ ගෙන යම්‌ කුමරියේ පෙම් දෝලාවෙන්‌..

වියලි මග මහ වැලි කාන්තාර පසු කරවා..
පවස සංසිඳ වන ලෙස දිය උල්පත්‌ අරවා..
පරව ගිලිහෙන තුරු සියොලඟ කළු සළු පොරවා...
ඔබය දිය යුතු හිස්‌ වන විට දිවි විත පුරවා...

දිනෙක රන්සළු පළඳා
සඳ නැගි මේලාවෙන්‌..
පැමිණ ඔබ ගෙන යම්‌ කුමරියේ පෙම් දෝලාවෙන්‌..

දිනෙක රන්සළු පළඳා
සඳ නැගි මේලාවෙන්‌..
පැමිණ ඔබ ගෙන යම්‌ කුමරියේ පෙම් දෝලාවෙන්‌..

Video thumbnail