ගමනේ ගිම්‌ නිවූ එදා

Gamane Gim Niwu Eda

milton mallawarachchi
ගමනේ ගිම්‌ නිවූ එදා Lyrics

ගමනේ ගිම්‌ නිවූ එදා
සැනසුම්‌ පවන්‌ සලා..
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම්‌ හෙළා..

ගමනේ ගිම්‌ නිවූ එදා
සැනසුම්‌ පවන්‌ සලා..
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම්‌ හෙළා..

මතකේ තිබේද ඒ යුගේ
මාගේ චේතනා..
වැටහෙන්නෙ දැන්ද ආදරේ
සෝක වේදනා..
ගන අන්ධකාරයේ
පාළුවේ කිමිදුණා..
තනි වුයේ ඔබ නොවේ
මා පවා තනිවුණා..

ගමනේ ගිම්‌ නිවූ එදා..

ඔබ මංමුළා වෙලා ගියා
පෙම්‌ පහන්‌ නිවා..
අහිතක්‌ හිතන්නේ නෑ ප්‍රියේ
සිහිනෙකින්‌ පවා..
අද ඔබගෙ ජීවිතේ
කතරකී වාලුකා..
හිනැහෙන්න යළි දිලේ
දෛවයේ තාරකා..

ගමනේ ගිම්‌ නිවූ එදා
සැනසුම්‌ පවන්‌ සලා..
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම්‌ හෙළා..

ගමනේ ගිම්‌ නිවූ එදා
සැනසුම්‌ පවන්‌ සලා..
ඔබ මා දවයි දිවා රෑ
හද සෝ සුසුම්‌ හෙළා...

Video thumbnail