මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර Lyrics
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි..
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි
අපමණ සිතුවිලි බිහිවි තෙරපී
එකිනෙක පැටලෙන්නේ..
කොහොම පටන්ගෙන මොනවා ලියන්නද...
නැත මට වැටහෙන්නේ..
කෙටියෙන් පවසමි මගෙ ආදරයේ
කීමට ඇති සැමදේ..
පරෙවි රැජපිනියේ චදා වගේ අදත්
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි..
මධු මල ලෙස මුදු මගේ ප්‍රියාදර
මිහිරාවිය වෙතටයි..
ඔබ සිහිකර කර ඔබට ලියන එක
මට ඇති එක සතුටයි..
හිත ගොළු වෙනවා අත වෙව්ලනවා
හදවත ගැස්සෙනවා..
ලිපියෙහි කොළයට මුහුණ යොමන විට
නෙත් දෙක පියවෙනවා..
කෙටියෙන් පවසමි මගෙ ආදරයේ
කීමට ඇති සැමදේ..
පරෙවි රැපිනියේ එදා වගේ අදත්..
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි..
ඔබට තවම මම ආදරෙයි...