මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි

Mata Men Ohutada Kandula Obai

milton mallawarachchi
මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි Lyrics

මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි.. හසරැල්ල ඔබයි
මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි.. හසරැල්ල ඔබයි

තිදෙනෙකු අතරින්‌.. දෙදෙනෙකු එක්වෙයි
ආදර ගඟුලක්‌.. පෙරට ඇදෙයි
කාටද ඔබේ අත.. හිමිවන්නේ
මා වාගෙම ඔහු.. විමසන්නේ

මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි.. හසරැල්ල ඔබයි

කිසිවකු රිදවා.. හිනැහෙනු බැහැ මට
එහෙයින්‌ ඔබගෙන්‌.. බැහැර යමි
ඔබටද ඔහුටද.. සුබ පතමී
ඔබටද ඔහුටද.. සුබ පතමී

මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි.. හසරැල්ල ඔබයි
මට මෙන්‌ ඔහුටද කඳුළ ඔබයි
කඳුළ ඔබයි.. හසරැල්ල ඔබයි

Video thumbnail