ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ Lyrics
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ.. සීතල වතුරේ
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ...
පායා එන්න සඳේ.. මට දී ආලෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ.. ඕ ඇයි..
පාළු වෙලා මගෙ ලෝකේ...
තෝරා දෙන්න වහා.. නැගෙනා මි සෝකේ
පාළු වෙලා මගෙ ලෝකේ.. ඕ ඇයි..
පාළු වෙලා මගෙ ලෝකේ...
ඇති තනිය මකා දී
ඇගේ ඇසුර ලබා දී
සනසන්න හිතේ දුක
පහ කරලා..
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ.. සීතල වතුරේ
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ...
මාගේ වෙහෙස නිවා.. සතපා හිනැහෙන්නේ
කවුද කියා නැත දන්නේ.. කෝ කොයි..
කවුද කියා නැත දන්නේ..
ජීවේ අඩුව මකා.. පුරවා සනහන්නේ
කවුද කියා නැත දන්නේ.. කෝ කොයි..
කවුද කියා නැත දන්නේ..
බත රසට උයාලා
කොළපතට බෙදාලා
ගෙන එන්න කෙනෙක් දෙනු
මැන සොයලා..
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ
තොටියෙකි මා මේ.. සීතල වතුරේ
ඔරුවක පාවෙන.. රෑ ගන අඳුරේ...