pani-kurullane-nil-kobeiyane-giya Lyrics
පැණි කුරැල්ලනේ
නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරැල්ලන්ට හරිම ආදරේ
අඹ දඹ නාරං ගස් යට
කජු පුහුලන් මොර ගස් යට
අප වගේම ලුණු පනින්න කැටපොල විදලා
පුංචි පුතා චන්න කලින්
උන් හිටිතැන් නැතිවුණදා
ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා..
පැණි කුරැල්ලනේ
නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරැල්ලන්ට හරිම ආදරේ
ඇළේ චතුර නිල් කැටේට
දන්ඩි කොරළි යන වටේට
කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා
පුංචි පුතා චන්න කලින්
කළු දිය දහරා හැලිලා
ඇළට පාර අමතක වී මංමුලා වෙලා..
පැණි කුරැල්ලනේ
නිල් කොබෙයියනේ
ගිය තැනකින් වරෙල්ලා
පුංචි පුතා ඇවිල්ලා
කැලේ පැන්න මං වගේම බාල සන්දියේ
දඟ කළාට කුරැල්ලන්ට හරිම ආදරේ