සැදී රන්‌ අබරණින්‌ රිදී සළපිළි දරා

Sadi Ran Abaranin Ridi Salu Pili Aara

milton mallawarachchi
සැදී රන්‌ අබරණින්‌ රිදී සළපිළි දරා Lyrics

සැදී රන්‌ අබරණින්‌
රිදී සළපිළි දරා..
නැගී රිය පෙරහරින්‌
පැතූ පෙම්‌ ලොව දවා..

මනාලිය වී ළඳේ
ගියත්‌ ඔබ ඔහු කරා..
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා..

අදින්‌ පසු සිත ඔබේ..
අහිමි වන බව දනිමි
යළිදු අප දිවිතුරා..
නොඑන බව යළි දනිමි
නොඑන බව යළි දනිමි

සැදී රන්‌ අබරණින්‌
රිදී සළපිළි දරා..
නැගී රිය පෙරහරින්‌
පැතූ පෙම්‌ ලොව දවා..

ඔබෙන්‌ ලද සෙනෙහසේ..
සුවය නිති විඳින්නම්
සසර මතු භවෙක හෝ...
සුරත ඔබෙ පතන්නම්‌
සුරත ඔබෙ පතන්නම්‌

සැදී රන්‌ අබරණින්‌
රිදී සළපිළි දරා..
නැගී රිය පෙරහරින්‌
පැතූ පෙම්‌ ලොව දවා..

මනාලිය වී ළඳේ
ගියත්‌ ඔබ ඔහු කරා..
මගේ හදවත ඔබෙයි
මගේ දිවි ඇති තුරා...

Video thumbnail