මැණිකක් රකිනා.. නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමි..
මොහොතක් පාසා.. නිල්මිණි කියනා
නාමය මතුරා කියමි..
සෙවණැල්ලක් මෙනි.. හසරැල්ලක් දැක
සැනසෙන්නට මා ආවේ..
හද පුදසුන මත.. පූජා වේවා
අද ඔබ හට මගෙ ජීවේ..
ජීවන ගමනට ලෝකේ
ඔබ වේවා මට ආලෝකේ..
ජීවන ගමනට ලෝකේ
ඔබ වේවා මට ආලෝකේ..
මේ චණ්ඩාලී.. ඔබේ සහකාරී
වේවා පැතුම ලෙසේ
කියාවී ගලනා ගඟුල ලෙසේ
කියාවී ගලනා ගඟුල ලෙසේ..
මැණිකක් රකිනා.. නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමි..
මොහොතක් පාසා.. නිල්මිණි කියනා
නාමය මතුරා කියමි..
බැඳගත් අත්වැල දෙන්නා
දිය හා වෙරළස පවතින්නා
බැඳගත් අත්වැල දෙන්නා
දිය හා වෙරළස පවතින්නා
පෙර සංසාරේ.. ගති හුරු පුරුදු
මේ භවයේද මෙසේ
රැඳේවා අමතක නොවන ලෙසේ..
රැඳේවා අමතක නොවන ලෙසේ...
මැණිකක් රකිනා.. නා රජිඳෙකු සේ
මම ඔබ නිරතුරු රකිමි..
මොහොතක් පාසා.. නිල්මිණි කියනා
නාමය මතුරා කියමි..
සෙවණැල්ලක් මෙනි.. හසරැල්ලක් දැක
සැනසෙන්නට මා ආවේ..
හද පුදසුන මත.. පූජා වේවා
අද ඔබ හට මගෙ ජීවේ...