පරම රමණී අපේ ආලේ Lyrics
පරම රමණී අපේ ආලේ
සදාකල්.. සැපත වී ලෝලේ
සමාජේ.. රුදුරු කාන්තාරේ
කොහේ අපි.. යනුද නොම තේරේ..
පරම රමණී අපේ ආලේ
සදාකල්.. සැපත වී ලෝලේ
සමාජේ.. රුදුරු කාන්තාරේ
කොහේ අපි.. යනුද නොම තේරේ..
පරම රමණී..
කිමද වෙන්නේ... අනේ නොදැනේ..
මෙයින් මතු දා..
කිමද වෙන්නේ... අනේ නොදැනේ..
මෙයින් මතු දා..
විදුලි හෙණ.. සැඩ සුළං නොමැතී
තැනක ඒ මල් ගසක් මුදුනේ
තනා ගමු.. ප්‍රේම කුඩු අපී..
පරම රමණී අපේ ආලේ
සදාකල්.. සැපත වී ලෝලේ
සමාජේ.. රුදුරු කාන්තාරේ
කොහේ අපි.. යනුද නොම තේරේ
ආ...
මෙලෝකේ.. මාගෙ දිවි හිමිදා...
ඔබයි මා ප්‍රේමයේ සුහදා..
මෙලෝකේ.. මාගෙ දිවි හිමිදා...
ඔබයි මා ප්‍රේමයේ සුහදා..
ඉටු වෙදෝ.. මා සිතේ ආසා
දිලේ අර.. තාරකා චන්ද්‍රා
අපේ පෙම් මන්දිරේ සරසා
පරම රමණී අපේ ආලේ
සදාකල්.. සැපත වී ලෝලේ
සමාජේ.. රුදුරු කාන්තාරේ
කොහේ අපි.. යනුද නොම තේරේ..
පරම රමණී...