ප්‍රේමාලෝකය නිවී ගියා

Prema Lokaya Niwi Giya

mohideen baig
ප්‍රේමාලෝකය නිවී ගියා Lyrics

ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා..
වැටුණ මලක්‌ එම අත්තෙහි හාවේද
ආලය ඒ ලෙස කැඩී ගියා..
ප්‍රේමාලෝකය නිවී ගියා

ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා..
වැටුණ මලක්‌ එම අත්තෙහි හාවේද
ආලය ඒ ලෙස කැඩී ගියා..
ප්‍රේමාලෝකය නිවී ගියා

ඔබ රූපය මා හද ඇඳි ගියා..
ආලේහි ගීතේ කියා ගියා

ඔබ රූපය මා හද ඇඳි ගියා..
ආලේහි ගීතේ කියා ගියා
මේඝ වලාකුළු දෙස බලනා
මේඝ වලාකුළු දෙස බලනා
යාචකයා සේ රැවටීලා..
ප්‍රේම පිපාසෙනි පීඩිත වී
දිනෙන්‌ දිනම මැලවිලා ගියා..
ආලේ අමතක කරලා ගියා

මංගල පෝරුව කැඩී ගියා
පෙම්‌ මගුල්‌ බෙරේ හඬ නැතුව ගියා..
අමතක කර මා අතහැරලන්නකෝ
කඳුළු බිබී අද සැනසෙමි මා..
මංගල පෝරුව කැඩී ගියා

දල්වාලා ප්‍රේමේ දීප්තිකා..
පෙන්වාලා ආලේ සුන්දරතා..

දල්වාලා ප්‍රේමේ දීප්තිකා..
පෙන්වාලා ආලේ සුන්දරතා..
මා ප්‍රේමේ සුජාතා ආදරී
ප්‍රිය දේවී ඔබයි මා ශ්‍රීමතී..

මා ප්‍රේමේ සුජාතා ආදරී
ප්‍රිය දේවී ඔබයි මා ශ්‍රීමති
ඔබ විනා මගේ මේ ජීවිතෙන්‌
පලක්‌ නැතේ මගේ සුජා..
මලක්‌ වගේ වේලිලා ගියා

ප්‍රේමාලෝකය නිවී ගියා
ඔබ රූපය මා හද තියා ගියා..
වැටුණ මලක්‌ එම අත්තෙහි හාවේද
ආලය ඒ ලෙස කැඩී ගියා..
ප්‍රේමාලෝකය නිවී ගියා...

Video thumbnail