සකල සතම බොදු බැතියෙන්‌

Sakala Sathama Bodu Bathiyen

mohideen baig
සකල සතම බොදු බැතියෙන්‌ Lyrics

සකල සතම බොදු බැතියෙන්‌
නමදින දුර හැර හැම භේදේ
සුගත තථාගත.. ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ..
සිරිපාදේ.. සිරිපාදේ..
හා.. හා.. සිරිපාදේ..

සහන්‌ සුවය බර.. සිතුවිලි පිබිදෙයි
සුවදෙයි අරණෙහි මවු..
නිවන්‌ මගට යන.. පහන්‌ ටැඹක්‌ බඳු
බුදු සිරි පතුල නමෝ

කරුණාවයි.. කරුණාවයි..
සමන්‌ දෙවිඳු කරුණාවයි..

කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි....
කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි..

සකල සතම බොදු බැතියෙන්‌
නමදින දුර හැර හැම භේදේ

උපන්න දා සිට.. කල පව් දුරුවෙයි
සිත යහමගට නැමී..
නෙතෙන් පලක් නැත.. දැක වැද නොගතොත්
මුණි සිරි පතුල සොමි

කරුණාවයි.. කරුණාවයි..
සමන්‌ දෙවිඳු කරුණාවයි..

කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි....
කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි..

සකල සතම බොදු බැතියෙන්‌
නමදින දුර හැර හැම භේදේ
සුගත තථාගත.. ලෝක සිවංකර
සම්බුදු සිරිපාදේ..
සිරිපාදේ.. සිරිපාදේ..
හා.. හා.. සිරිපාදේ..
හා.. හා.. සිරිපාදේ..

කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි....
කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි....
කරුණාවයි.. කරුණාවයි.. කරුණාවයි....

Video thumbnail