සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..

Sudata Sude Siriya Dile

mohideen baig
සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ.. Lyrics

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..
සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..
ගීත ගයා පීනමු පෙම්‌ සාගරේ
සිරිය දිලේ පුන්සඳේ..

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..
සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..

මා ඔබගේ ප්‍රේම ලොවේ ශ්‍රීමතී..
මා ඔබගේ ප්‍රේම ලොවේ ශ්‍රීමතී..
සාන්ත වූ ප්‍රේම ජලෙන්‌ නාවමී..
සාන්ත වූ ප්‍රේම ජලෙන්‌ නාවමී

සුන්දර වේ පාන සොබා ආදරේ..
සුන්දර වේ පාන සොබා ආදරේ...
සිරිය දිලේ පුන්සඳේ

රංචු රංචු භෘංග කැලා මල්‌ වනේ..
රංචු රංචු භෘංග කැලා මල්‌ වනේ..
අපිට හොරෙන්‌ මල්‌ පැණි බී උන්‌ ගියේ..
අපිට හොරෙන්‌ මල්‌ පැණි බී උන්‌ ගියේ

මල්‌ පෙති විසිරේවි මන්ද මාරුතේ..
මල්‌ පෙති විසිරේවි මන්ද මාරුතේ
සිරිය දිලේ පුන්සඳේ

මංගල තුති ගීත පාවේ හෘදයේ...
හෝ.. හෝ..
මංගල තුති ගීත පාවේ හෘදයේ...
මිහිර කොවුල්‌ නාද සේම රම්‍ය වේ..
මිහිර කොවුල්‌ නාද සේම රම්‍ය වේ..

සුවඳ සමන්‌ මල්‌ පිබිදෙන රාත්‍රියේ..
සුවඳ සමන්‌ මල්‌ පිබිදෙන රාත්‍රියේ
සිරිය දිලේ පුන්සඳේ

නයන රසී කෝමල රුචිරානියේ..
හෝ.. හෝ..
නයන රසී කෝමල රුචිරානියේ..
ජීවිතයේ මේ මනරම්‌ කාලයේ..
ජීවිතයේ මේ මනරම්‌ කාලයේ..

විඳිමු සැපා ප්‍රීතියෙනි මේ ලොවේ..
විඳිමු සැපා ප්‍රීතියෙනි මේ ලොවේ
සිරිය දිලේ පුන්සඳේ

සුදට සුදේ සිරිය දිලේ පුන්සඳේ..
ගීත ගයා පීනමු පෙම්‌ සාගරේ
සිරිය දිලේ පුන්සඳේ...

Video thumbnail