වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී

Walle Kiri Walle Hadu Devi

mohideen baig
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී Lyrics

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික්‌ පෑදේවී
ප්‍රේම අමා පානේ මුව බේරේවී...
ලෝකෙම මා පාමුල මෙන්‌ තේරේවී..

මැණිකේ ලැබුණේ මාගේ..
පෙර පිනකින්‌ වාගේ..
ඕලු නෙළුම්‌ මානෙල්‌ මදු සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික්‌ පෑදේවී

කියන්න කියන දෙයක්‌ ඇයිද ඉන්නෙ තාම බලා
නොදන්නවාද සිහින ලොවෙදිත්‌ මං ප්‍රේම කළා
ගම්මානේ පෙම්‌ සිහිනේ.... පෙම්‌ සිහිනේ....
එළිවෙන්නේ ගම්මානේ..

කපන්න බැහැ බැස යන වතුර පාර දෙගොඩ තලා
බිඳින්න බෑ අපගේ ප්‍රේම බැම්ම අකුල්‌ හෙළා
එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි

එක හිත ඔබෙයි මගෙයි
අහසයි සඳයි වගෙයි

ඕලු නෙළුම්‌ මානෙල්‌ මදු සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික්‌ පෑදේවී

අසරණ කෙල්ලකි මා කුල සිරිතට දෙන්නේ නැතී
මට දායාද මොටද ඔබේ සිනා රැල්ල ඇතී
දැනගෙන රහස අපේ..
කෙකටිය කැකුලු පිපේ..

දැනගෙන රහස අපේ..
කෙකටිය කැකුලු පිපේ..

ඕලු නෙළුම්‌ මානෙල්‌ මදු සංයෝගේ..
විහිළු කරයි ප්‍රේමෙට අප දෙන්නාගේ..

වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික්‌ පෑදේවී
ආ.....
වැල්ලේ කිරි වැල්ලේ හාදූ දේවී
ජීවනයේ ප්‍රේම මැණික්‌ පෑදේවී...

Video thumbnail