කුරුල්ලන්ගේ තටු සින්දොත් Lyrics
කුරුල්ලන්ගේ තටු සින්දොත්
අහස් තලේ දුර මනින්න
වලා..කුළක.. හැඩ බලන්න
සුළං රොදක සුව විඳින්න..
ඉතින්.. තවත්.. හැකිද.. උන්ට..
මී මැසි තුඩු.. සිඳ දැම්මොත්
මෙවුන් කොහොම රොන් අරගන්නේ
මල් කෙමී අතරේ.. මුදු පහස ලබා
මලක සුවඳ පතුරාලන්න..
ඉතින්.. තවත්.. හැකිද.. උන්ට..
උන්ට...
වරල් බිඳුණු.. මාළුවෙකුට
සයුර පතුලේ කිමිදී යන්න
රළ පහර මතින්.. සැඩ බිඳ දමමින්
ගල්පර තුළ සිරි දකින්න..
ඉතින්.. තවත්.. හැකිද.. උන්ට..
යෞවනයට.. වැට බැන්දොත්
ළපලු හැඟුම් දළු දමන්න
සුවඳ සිතුම්.. මල් පිපෙන්න
නාඹර තුරු පල දරන්න..
අවසරයක්.. නැහැනේ.. නේද..
වෝ.. වොවො වෝ....
වෝ.. වොවො වෝ....