අඳුරේ ගිලී.. තනිවීලා මෙසේ..
නාඩන් ඉතින්.. සොඳුරී මගේ..
නොසිතා සිතා.. අතීතේ එදා..
බිඳුණාට මණිමේඛලා..
පිළිගන්නේ මා.. නුඹ සීතාව සේ..
හද මන්දිරේ සරසලා..
අඳුරේ ගිලී.. තනිවීලා මෙසේ..
නාඩන් ඉතින්.. සොඳුරී මගේ..
නොසිතා සිතා.. අතීතේ එදා..
බිඳුණාට මණිමේඛලා..
පිළිගන්නේ මා.. නුඹ සීතාව සේ..
හද මන්දිරේ සරසලා..
ගංගා තරංගා පරදන් එපා..
ඔය දෑස කඳුළින් තෙමා..
පාවී ගියාවේ අතීතේ කතා..
සැඩ මාරුතේ රැලි හමා..
නළලේ නුඹේ ඇන්ද තිලකේ පවා..
කියාවි මගේ ප්‍රාර්ථනා..
ප්‍රේමේ නුරා.. වසන්තේ ගෙනා..
පින්සාර ළඳ නුඹ නිසා..
පිළිගන්නේ මා.. නුඹ සීතාව සේ..
හද මන්දිරේ සරසලා..
ඔය දෑසේ පා ඒ මනබන්දනා..
පෙම්වන්ත සුරතල් සිනා..
සැනසෙන්න මාගෙ ළයේ සැතපිලා..
නවසඳ දිහා බල බලා..
භවයෙන් භවේ එන්න මතු ඉපදෙනා..
සංසාර පතිනිය වෙලා..
ප්‍රේමේ නුරා.. වසන්තේ ගෙනා..
පින්සාර ළඳ නුඹ නිසා.. පින්සාර ළඳ නුඹ නිසා...
පිළිගන්නේ මා.. නුඹ සීතාව සේ.. සීතාව සේ..
හද මන්දිරේ සරසලා..
ප්‍රේමේ නුරා.. වසන්තේ ගෙනා..
පින්සාර ළඳ නුඹ නිසා..
පිළිගන්නේ මා.. නුඹ සීතාව සේ..
හද මන්දිරේ සරසලා...